ASKME
0 votes
132 views
by (375 points) | 132 views

1 Answer

0 votes

නිවිති - පුද්ගලයෙකුට දවසට අවශ්‍ය දෛනික යකඩ ප්‍රමාණයෙන් 20% ක් නිවිති කොල කෝප්ප බාගයක අඩංගුයි.

බෝංචි -- බෝංචි කෝප්පයක තරම් ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.

රතු අල - රතු අල තුල යකඩ අඩංගු වන අතරම, රුධිරය පිරිසිදු කිරීම සදහාත් රතු අල වලට උදවු විය හැකියි.

රට කජු -රට කජු තුල යකඩ අඩංගු වන බැවින් එදිනෙදා රටකජු ඇට ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අවම කර ගත හැකියි.

 ඕට්ස්- ශරීරයට ශක්තිය ගෙනදී, අවශ්‍ය තරම් රතු රුධිරානු නිෂ්පාදනය සදහා ඕට්ස් වලට හැකියාව ඇති බැවින් උදෑසන ආහාරය ලෙස ඕට්ස් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. වඩාත් සාර්ථක ප්‍රතිපල සදහා යකඩ හා විටමින් ඊ සහිත ඕට්ස් මිලදීගන්න.

දෙළුම්- දෙළුම් වල යකඩ හා විටමින් ක‍ අඩංගු බැවින් එය වඩාත් ගුණදායි පළතුරක් වේ.

 රට ඉඳි -රට ඉදි තුල යකඩ අන්තර්ගත අතර, එක ඉදි කෝප්පයක පමණ ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.

 තක්කාලි - ඔබව රක්තහිනතාවයෙන් ආරක්ෂාකිරීමට තක්කාලි වලට හැකියාව ඇති අතර, තවද තක්කාලි විටමින් වලින් වඩාත් පොහොසත් බැවින් තාක්කාලි වලට පිළිකා ෙසෙල සමග සටන් කර ඔබව ආරක්ෂා කල හැකියි.

 මි පැණි - සීනි සදහා ආදේශකයක් ලෙස මීපැණි භාවිතා කළ හැකි අතර මීපැණි යකඩ වලින් පොහොසත්. ඊට අමතරව ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බොහොමයක් විටමින් හා ඛනිජ ලවණ මීපැණි තුල අඩංගුයි.

by (542 points)

697 questions

286 answers

6 comments

3.1k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
697 questions
286 answers
6 comments
3,129 users